වසරක් පුරා ක‍්‍රීඩා තරග ඉසව් 38 ක් යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ ක‍්‍රීඩා දක්‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක්‍ෂක සේවා ක්රීඩා තරගාවලියේ සමාප්ති උළෙල පසුගිය 24වැනිදා පැවැත්වුණි.
ඒ ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්විමෙන් හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දීය
ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති වාර්ෂික ක‍්‍රීඩා සැලසුමට අනූව දෙවන වැදගත්ම ක්‍රීඩා තරගාවළිය වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන ක්‍රීඩා තරග අතරින් වැඩිම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවන තරගාවලිය වන අතර මෙම තරගාවළියේ මළල ක‍්‍රිඩා අංශයේ තරග පළමුවරට මෙවර ලෝක මළල ක‍්‍රිඩා සම්මේලනයේ ලියපදිංචි කර ඇති බැවින් මෙම තරගාවළියේ මළල ක‍්‍රිඩා අංශයෙන් දක්ෂතා දක්වනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට ලෝක මළල ක්‍රීඩා සම්මේලනයේ නිතීන්ට අනුව ප‍්‍රසාද ලකුණු ලබාදිම සිදුකරනු ලබන අතර එය ඔවුන් හට ඔලිමිපික් තරගාවළිය සදහා සහභාගිවිම සදහා මහගු පිටිවහලක් වනු ඇත.
ජාතික හා ජාත්‍යන්තර නියෝජනය කරමින් අප දේශයට අභිමානයක් එක්කරනු ලැබු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතුරින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000ක් පමණ සහභාගි වු මෙම තරගාවළියේ දි නව ආරක්‍ෂක සේවා ක්‍රීඩා වර්ථා හතරක් පිහිටුවිම සිදුවිය.
මෙම තරගාවළියේ දක්ෂතා දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරියේදි ත‍්‍රිවිධ හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් නිසි පුහුණුවක් ලබාදි ජාතික ක්‍රීඩා සංචිතයන් වෙත අනියුක්ත කිරීම සදහා අවශ්‍යය කටයුතු සිදුකරනු ලබන අතර වර්ථමානය වනවිට ජාතික කිඩා සංචිතයන්ට අනියුක්තව ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් වැඩි පිරිසක් ත‍්‍රිවිධ හමුදාවන් නියෝජනය කරනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන අතර ඔවුන් හට එම අවස්ථාව උදාකර ගැනිම සදහා ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලි මහත් පිටිවහලකි.
2022 ඔක්තෝබර් මස 26 වැනිදා ආරමිභ වු ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ඉකුත් 24වැනිදා දක්වා සාර්ථකව පැවැත්වුණි.
තරගාවලියේ සමාප්ති උළෙල සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න , ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරල් ප‍්‍රියන්ත පෙරේරා ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක‍්‍රිීඩා මණ්ඩලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ සහ එයට සම්බන්ධ සියළුම නිලධාරීන්වරුන් මෙන්ම ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිීඩා සංචිත නියෝජනය කරමින් ක‍්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
මෙවර ආරක්‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබු අතර සමාප්ති උළෙළ අභිමානවත්ව මෙන්ම විචිත‍්‍රවත්ව සංවිධානය කරමින් ක‍්‍රිීඩා උත්සවයක් සදහා රත‍්‍රියේදි නිදහස් ආර පැරිෂුටි පැනිමේ භටයින් ගේ සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබු පළමු අවස්ථාව ලෙස 12 වන ආරක්ෂක සේවා ක‍්‍රිඩා තරගාවළියේ සමාප්ති උළෙල ඉතිහාසයට ඒක්වන ලදි.
ආරක්‍ෂක සේවා තරගාවලියේ සමාප්ති උළෙල අවසානයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 වසරේ ආරක්‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකිරිම සදහා සමිප‍්‍රධායානුකූලව ආරක්‍ෂක සේවා ක‍්‍රිඩා මණ්ඩලයේ ධජය යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ මහතා හට නිළ වශයෙන් භාරදිම ද මෙහිදි සිදු විය.
ශ‍්‍රී ලංකා යුධ හමුදාව – රන්පදක්කම් – 147 රිදි පදක්කම් – 144 ලෝකඩ පදක්කම් – 112
ශ‍්‍රීලංකා ගුවන් හමුදාව – රන්පදක්කම් – 77 රිදි පදක්කම් – 71 ලෝකඩ පදක්කම් – 100
ශ‍්‍රීලංකා නාවික හමුදාව – රන්පදක්කම් – 69 රිදි පදක්කම් – 86 ලෝකඩ පදක්කම් – 69