Friday, May 16, 2025
Home » පෙබ­ර­වාරි 04දාට පෙර ග්‍රාම නිල­ධා­රීහු 2238ක් බඳවා ගැනෙති

පෙබ­ර­වාරි 04දාට පෙර ග්‍රාම නිල­ධා­රීහු 2238ක් බඳවා ගැනෙති

by Gayan Abeykoon
November 27, 2023 1:24 am 0 comment

නුවන් කොඩිකාර

එළැඹෙන පෙබරවාරි මස 04 වැනිදාට පෙර ග්‍රාම නිලධාරීන් 2238 දෙනෙකු රාජ්‍ය සේවයට එක්කරගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.

වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට ඉකුත් (24 ) වැනිදා එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 2021 වසරේ අයදුම් පත් යොමු කළ සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් මස 02 දින විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වීමට නියමිත බව ඒ මහතා කියා සිටියේය.

මෙම විභාගයෙන් 2238 දෙනෙක් ග්‍රාම නිලධාරී වන තනතුරු සඳහා තෝරා ගැනීමට නියමිත බව හෙතෙම කීවේය.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය කර දීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තමාට උපදෙස් ලබාදුන් බව ද ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව *දංකොටුව ප්‍රාදේශීය ලේකම්* කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ද ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡා සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. හේරත්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චලංක අතුකෝරාල, යන මහත්ම මහත්මීන් ඇතුළු ග්‍රාම නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT