Friday, May 16, 2025
Home » බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි

බණ්ඩි පොහොර මිටිය රු.9000ට බස්සයි

කැබි­නට් අනු­මැ­තිය ලැබුණු බව ඇමැති මහින්ද අම­ර­වීර කියයි

by Gayan Abeykoon
November 27, 2023 1:22 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

මෙම මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක මිල මේ වන විට රුපියල් 9000 දක්වා අඩු කර ඇත.

මේ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබීම ගොවි ජනතාවගේ ජයග්‍රහණයක් බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ ජනාධිපතිතුමන් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සිය ස්තූතිය පිරිනමන බවත් ඇමැති අමරවීර මහතා කියයි.

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් එම මිලට බණ්ඩි පොහොර ලබා දීම කඩිනමින් සිදු කරනු ඇති බවද අමරවීර මහතා අවධාරණය කරයි.

පසුගිය යල කන්නයේ වගා හානි වන්දි පිරිනැමීම වෙනුවෙන් ඊයේ (26) ඇඹිලිපිටියේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා විසින් මෙම අනාවරණය සිදු කරන ලදී.

යල කන්නයේදී වලව කලාපයේ වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා ඊයේ (26) රුපියල් ලක්ෂ 1000ක මුදලක් රජය විසින් පිරිනමනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT