Thursday, May 15, 2025
Home » ගමක් ගමක් ගානේ මත්පැන් බල­පත්‍ර ලබා දීම කන­ගා­ටු­වට කරු­ණක්

ගමක් ගමක් ගානේ මත්පැන් බල­පත්‍ර ලබා දීම කන­ගා­ටු­වට කරු­ණක්

by Gayan Abeykoon
November 27, 2023 1:27 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මත්රකුසා පාසල් දරුවන් පවා ශීඝ්‍රයෙන් වෙලාගෙන ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ගමක් ගමක් ගානේ මත්පැන් බලපත්‍ර ලබාදීම කනගාටුවට කරුණක් බවත් රජයට පවා බලපෑම් සිදු කරමින් අදාළ සමාගම් දුම්වැටි සහ මත්පැන් ව්‍යාප්තිය සිදු කරමින් යන බවත් නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මේ මහා බලවේගය තුරන් කළ යුතු බවත් විපක්ෂය නායකවරයා පැවැසීය.

තිස්වසරක යුද්ධයෙන් පීඩා වින්දා සේ මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විඳින බවත් ඉන් රට ගලවාගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ප්‍රයෝගික බෞද්ධයන් ලෙස අප රටත් ජාතියත් සිසු දරුවනුත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් ගලවා ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සඳහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බවත් විවිධ බාධා මධ්‍යයේ වුවත් ප්‍රායෝගික බෞද්ධකම ඇති කිරීම යුගයේ අවශ්‍යතාව බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ පෙරේදා (25) තන්තිරිමලේ රජමහාවිහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය සඳහා සහභාගී වූ අවස්ථාවේ දීය.

රටේ ඇති පන්සල් පද්ධතිය රැකගෙන ඒ හරහා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචික යුගයේ අවශ්‍යතාවක් බවත් ආගමික සිද්ධස්ථාන රැක ගන්නවා සේම ගම් නියම්ගම් සිසාරා පැතිර පවතින මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරමින් වචනයේ පරිසමාප්තියෙන්ම සුචරිත ජන සමාජයක් බවට පත්කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT