එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳ පොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් මෙම පියවර ගත් බව වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඒ අනුව උත්සව සමය තුළ සහල් හිඟය මඟහරවා ගැනීමට සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දී අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් මෙලෙස ආනයනය කිරීමට නියමිත ව ඇති අතර මේ අනුව සහල් ආනයනය කිරීමට සිදුව ඇතැයි ද ඒ මහතා පැවැසීය.