Home » කොන්දොස්තරගේ ඇඟිල්ල කපා මුදල් කොල්ල කයි

කොන්දොස්තරගේ ඇඟිල්ල කපා මුදල් කොල්ල කයි

by yasara
November 27, 2023 10:41 am 0 comment

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්  උඩහමුල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුගේ ඇඟිල්ල  පිහියකින් කපා ඔහු සන්තකයේ තිබූ රුපියල් 7300/= මුදලක් කොල්ල කා  පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි

තුවාල ලද ඉංගිරිය පහළ ඌරුගල පදිංචි කොන්දොස්තර වරයා ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත

මාර්ග අංක 176  ඉංගිරිය හෙට්ටියා වත්ත  උදෑසන ඉංගිරිය නගරයෙන් ආරම්භ කරන බස් රථයේ සේවය සදහා සඳහා ත්‍රීරෝද රථයකින් ඉංගිරිය නගරයේ වෙත පැමිණ තිබූ කොන්දොස්තරවරයා  තිරෝද රථය වෙළෙඳ සලක් අසල නවතා  ප්‍රවේශපත්‍ර යන්ත්‍රය රැගෙන ගාල් කර තිබූ බස්රථය වෙත පැමිණෙමින් සිටියදී  මෙම සිද්ධිය වී තිබූ බව පොලිසිය කියයි

බස් රථය ආසන්නයට කොන්දොස්තරවරයා පැමිණෙමින් සිටියදී  මුහුණ වැසෙන සේ ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන  පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසු පැදිකරු අතුරු පැදියෙන් බැස කොන්දොස්තරවරයා අසලට පැමිණ ඔහුට පහර දී  කමිස  සාක්කුවේ දමා තිබූ මුදල් පැහැරගෙන ඇති අතර එම අවස්ථාවේ එය වැළැක්වීම සඳහා කොන්දොස්තරවරයා උත්සාහ දැරීමේදී  කොල්ලකරු අත තිබූ පිහිය එල්ල කිරිම හේතුවෙන් කොන්දොස්තර වරයාට තුවාල සිදුවී තිබූ බව පොලිසිය කියයි

තුවාල ලද කොන්දොස්තරවරයා ඒ මොහොතේම ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ වම් අතේ මාපටැගිල්ල ට තුවාල සිදුවීම හේතුවෙන් මැහුම් තුනක් යෙදීමට සිදු වූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය

අනතුරුව කොන්දොස්තරවරයා එක්ස්‍ රේ පරීක්ෂණයක් සඳහා හොරණ මූලික රෝහල වෙත යොමු කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT