Home » අත් ඔරලෝසුවේ සැඟ වූ මත් කුඩු සමඟ සැකකරු කොටු කර ගනියි

අත් ඔරලෝසුවේ සැඟ වූ මත් කුඩු සමඟ සැකකරු කොටු කර ගනියි

by yasara
November 27, 2023 11:28 am 0 comment

බැඳ සිටින අත් ඔරලෝසු තුල මත්කුඩු පැකට් සඟවා ප්‍රවාහනය කරන අලුත්ම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව මොරගහහේන  කියයි

ඔලුබොඩුව  ප්‍රදේශයේ දී  සැකකරු සැකපිට අත්අඩංගුවට  සිදු කළ පරික්ෂාවේදී  මත් කුඩු පැකට් ප්‍රවාහනය කරන  ක්‍රමය අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය  සදහන් කරයි

සැකකරු හොරයින් මත්කුඩු  පැකට් ප්‍රවාහනය කරන බවට මොරගහහේන   පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දැඩි පරීක්ෂාවට ලක් කළත් මත් කුඩු පැකට් සොයා ගැනීමට නොහැකි වූ බැවින් ඇති වූ සැකයක් මත පැළඳ සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය  ගලවා සිදුකළ  පරික්ෂාවේදී ඒ තුළ මත්කුඩු පැකට් තුනක් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී  සොයා ගැනිමට හැකි වු බව පොලිසිය කියයි

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 33 හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මේ  ආකාරයෙන් සැකයක් ඇති නොවන පරිදි මත්කුඩු පැකට් විවිධ  ප්‍රදේශවලට බෙදා හැර ඇති බව   පොලිස් විමර්ශනවලදී  අනාවරණය වි ඇත

සැකකරු කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක  කළමනාකරු ලෙස සේවය කරන්නෙකි

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමට නියමිතය

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT