Wednesday, May 14, 2025
Home » ඇල්ල වැල්ලවාය මාර්ගයේ නිවෙස් 08ක ජනතාව හදිසියේ ඉවත් කෙරේ

ඇල්ල වැල්ලවාය මාර්ගයේ නිවෙස් 08ක ජනතාව හදිසියේ ඉවත් කෙරේ

by yasara
November 27, 2023 1:48 pm 0 comment

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් අද (27) එක්වරම පැමිණි බව කියන ජල පහරක් හේතුවෙන්  එම ස්ථානයේ පදිංචි පවුල් 08 ක් ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් පදිංචි නිවාස වලින් තාවකාලිකව ඉවත් කල බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය පවසයි.

එම සිදුවීමත් සමග මාර්ගයට ඉහලින් හා පහලින් කොටසක් ජල පහරට හසුව කඩාගෙන ගොස් ඇති බවද ඔවුන් පවසයි.

ඉවත් කරන ලද පවුල්  අටෙන් දෙකක් බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ තාවකාලිකව පදිංචි කර ඇති අතර ඉතිරි පවුල් හය ඔවුන්ගේ ඥාති නිවෙස්වල රැදවීමට පියවර ගෙන ඇත.

මෙම ස්ථානයේ නායයැමක් සක්‍රිය වීමේ අවදානමක් ඇතැයිද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් පරික්ෂා කිරිමෙන් අණතුරුව අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන බව දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය තවදුරටත් සදහන් කලේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT