අතීතයේ ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුරාවස්තු 06ක් මෙරටට භාරදීම සදහා වන හිමිකම් පැවරුමට නෙදර්ලන්ත රාජ්‍ය ලේකම් Gunay Uslu මහත්මිය විසින් පසුගියදා අත්සන් කළේය.
ඒ අනුව දෙසැම්බර් 05 සහ 06 දෙදින තුළ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී පැවැත්වෙන උත්සවයකදී මෙම පුරාවස්තු දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වැසියන්ට අවස්ථාව ලැබේ.
මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ ඉතිහාසය පිළිබඳ දේශන මාලාවක් පැවැත්වීට ද සැලසුම් කර ඇත. මීට අමතරව වෙනත් විෂයන් සම්බන්ධ දේශන, මඟපෙන්වන්නන්ගේ සහාය සහිත කෞතුගාර චාරිකා සහ සංවාදමය වැඩසටහන් පෙළක් පැවැත්වීමට ද කොළඹ ජාතික කෞතුකාගාරය කටයුතු යොදා තිබේ. එසේම විනෝදාත්මක අධ්‍යාපනික වැඩසටහන් පෙළක් ද මෙහිදී පැවැත්වේ.
නෙදර්ලන්තය වෙනුවෙන් එරට ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගීතා තානාපති ලෙස කටයුතු කරන Dewi van de Weerd මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම පුරාවස්තු නැවත ශ්‍රී ලංකාවට භාරදීම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ උරුමය හා බැදූණූ තවත් පුරාවස්තු රැසක් නැවත මෙරටට ලබා ගැනීම සදහා මේවන විට දෙපාර්ශ්යටේ රජයන්, කෞතුකාගාර, විශ්ව විද්‍යාල සදහ උපදේශක කමිටු එක්ව සාකච්ඡා කරමින් සිටියි.