Home » තිහාරිය වෛද්‍ය මධ්‍යස්ථානයක අභිරහස් මරණයක්

තිහාරිය වෛද්‍ය මධ්‍යස්ථානයක අභිරහස් මරණයක්

by yasara
November 27, 2023 4:37 pm 0 comment

තිහාරිය පෞද්ගලික බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක ආරක්ෂකයෙකු එම වෛද්‍ය මධ්‍යස්ථානය තුල ලේ ගලමින් මිය ගොස් තිබියදී අද (27) උදෑසන හමු වූ බව නිට්ටඹුව පොලීසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි පනස් නම හැවිරිදි අවිවාහක යෙකු වන නයිවල රාලලාගේ සිසිර කුමාර දසනායක නැමැත්තෙකි.

මොහු එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂකයෙකු වශයෙන් සිටි බවත්, අද (27) පාන්දර ඔහු එම වෛද්‍ය මධ්‍යස්ථානය තුල අභිරහස් ලෙස මියගිය ගොස් සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් එහි ගොස් සොයා බැලීමේදී එසේ සිරුර හමු වී ඇත.

මිය ගොස් ඇති අයගේ හිස පිටුපසින් රුධිරය වහනය වී ඇති බවද පොලීසිය කීය.

සොරුන් පිරිසක් පාන්දර වෛද්‍ය මධ්‍යස්ථානයට කඩා වැදී ඇති බවට පොලීසිය සැක කරයි.

සොරුන් සමග මිය ගොස් ඇති අය අතර ගැටුමක් හට ඇති බවට පොලීසිය විශ්වාස කරන අතර සොරුන්ගේ ප්‍රහාරයකින් එම තැනැත්තා මිය යාමෙන් පසුව සොරුන් පැන ගොස් ඇති බවටද පොලීසිය සැකකරයි.

සොරුන් ජනේලයකින් වෛද්‍ය මධ්‍යස්ථානය තුලට පැන ඇති බවටද සලකුණු ඇති බවට පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

පොලිස් සුනඛයෙකු ද ගෙනවිත් පරීක්ෂා කළ අතර එහිදී පොලිස් සුනඛයා පැති කිහිපයකට දිව ගොස් ආපසු කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට පැමිණ නැවතී සිටි අයුරු ද  දැක ගන්නට ලැබුණි.

සොරුන් වෛද්‍ය මධ්‍යස්ථානය ආසන්නයේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ තවත්  වෙළඳ හලක් ද අද (27) පාන්දර කඩා ඇති බවට ද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

එම  වෛද්‍ය මධ්‍යස්ථානයෙන් කිසිවක් සොරා ගෙන ගොස් ඇති බවට පස්වරු 02 දක්වා කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී නැති බවද පොලීසිය කීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT