තායිලන්ත පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු සිය මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුත් සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
ඔහු හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන ආපසු පැමිණ ඔහුගේ බිරිඳට, ඇගේ 62 හැවිරිදි මවට සහ 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා ඇත.
තවත් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙයි
මෙම වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත
මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම විවාහය 29 හැවිරිදි Chaturong Suksuk හා 44 හැවිරදි Kanchana Pachunthuek නම් කාන්තාව සමඟ සිදු වී තිබෙයි.