Home » මංගල දිනයේ මනාලයාගේ වෙඩි පහරින් මානාලිය මරුට

මංගල දිනයේ මනාලයාගේ වෙඩි පහරින් මානාලිය මරුට

by yasara
November 27, 2023 3:20 pm 0 comment

තායිලන්ත පැරා මලල ක්‍රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු සිය මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුත් සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඔහු හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන ආපසු පැමිණ ඔහුගේ බිරිඳට, ඇගේ 62 හැවිරිදි මවට සහ 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා ඇත.

තවත් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙයි

මෙම වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත

මනාල යුවළ අතර වයස් පරතරය සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් මෙම සිදුවීමට හේතුවන්නට ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම විවාහය 29 හැවිරිදි Chaturong Suksuk හා 44 හැවිරදි Kanchana Pachunthuek නම් කාන්තාව සමඟ සිදු වී තිබෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT