Home » ගංව­තුර සහ­නා­ධාර පාර්සල් සොරාගත්තැයි සැර­යන්ට මාංචු

ගංව­තුර සහ­නා­ධාර පාර්සල් සොරාගත්තැයි සැර­යන්ට මාංචු

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ගංව­තුර ආධාර ලෙස බෙදා දීමට තිබුණු රුපි­යල් 15,000ක් වටිනා සලාක පාර්සල් සොරා ගැනීම සම්බ­න්ධ­යෙන් සැක­පිට මාතර පොලි­සියේ සේවයේ නිරත පොලිස් සැර­ය­න්ව­ර­යෙක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය. මාතර පොලි­සිය විසින් ඔහු මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව දෙසැ­ම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණි.

ලක්ෂ්මන් යාපා පද­න­මට අයත් මාතර පඹු­රන පිහිටි කාර්යා­ලයේ තිබුණු ගංව­තුර ආධාර ලෙස බෙදා දීමට තිබුණු සලාක පාර්සල් තොග­යක් අතු­රු­දන්ව ඇති බවට පොලි­සි­යට ලද පැමි­ණි­ල්ල­කට අනුව කළ විම­ර්ශ­න­ය­කදී මෙම සැර­ය­න්ව­රයා සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබු­වේය.

පසු­ගිය 24 වෙනිදා මෙම සොර­කම ගැන පැමි­ණිල්ල පොලි­සි­යට කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩු­කාර ලක්ෂ­මන් යාපා අබේ­ව­ර්ධන මහ­තාගේ සම්බ­න්ධී­ක­රණ ලේක­ම්ව­ර­යකු විසින් බව පොලි­සිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT