Thursday, May 15, 2025
Home » හර­ක්කටා CIDයෙන් පන්නන්න හැදූ මිදි­ගම චූටි සහ ජිලේ මැලේ­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට

හර­ක්කටා CIDයෙන් පන්නන්න හැදූ මිදි­ගම චූටි සහ ජිලේ මැලේ­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 27, 2023 1:25 am 0 comment

රක් කටා සහ කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම චූටි සහ ජිලේ නමැති පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා මලයාසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙතෙක් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතත් ඒ බව තහවුරුකර ගැනීමටත් ඔවුන්ව සැබෑ ලෙසම අත්අඩංගුවට ගෙන තිබේ නම් මෙරටට පිටුවහල්කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මොවුන් දෙදෙනාව මලයාසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසෙන්නේ පෙරේදා (25) දාය.

මොවුන් දෙදෙනා කාලයක්ම රැ දී සිටියේ ඩුබායි හීය. පසුව ඔවුන් ඩුබායි සිට මලයාසියාවට ගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණයකරගෙන තිබුණි. ආරංචි මාර්ග අනාවරණයකරනු ලබන්නේ ඔවුන් දෙදෙනා නීතීඥ සහය ලබාගනිමින් ඩුබයිවලට පිටුවහල්කර ගැනීමට දැඩි උත්සහයක මේ වන විට නිරතව සිටින බවය.

ජිලේ නමැත්තා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින්නෙකි. ඔහු අංගොඩ පදිංචිකරුවෙක් වන අතර අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ලෙස ක්‍රියාකාරීව සිටි අයෙකි. අංගොඩ ලොක්කාගෙන් පසු අංගොඩ පාතාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මොහුය.

හරක් කටා ඩුබායි රැ දී සිටිය දී මෙරට ඔහුගේ මත්කුඩු ජාලය පාතනයකරමින් පාතාල අපරාධ මෙහෙයවනු ලැබූවෙක් වන්නේ මිදිගම චූටිය.

මිදිගම පොලිස් වසමේ පිහිටි සංචාරක ආකර්ශනයක් දිනාගත් අවන්හලක් වන චිකී මංකි නමැති අවන් හලේ හිමිකරු ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට නම කියැවෙන අපරාධකරුවෙක් ලෙස පොලිසිය හදුනාගෙන සිටින්නේ මිදිගම චූටි නමැති පුද්ගලයාවය. මෙම පුද්ගලයා වඩාත් කථාබහකට ලක්වූයේ හරක් කටා හා කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ලකිරීමේ සැළසුමට පිටුපස ඔහුගේ නම කියැවෙන්නට පටන් ගැනීමත් සමගිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT