සීදූව පොලිස් වසමේ කොටුගොඩ පාර පිහිටි සුපුවත්අරණ කතෝලික දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ(26) දහවල් 12ට පමණ යතුරු පැදියකින් සීදූව දෙස සිට කොටුගොඩ දෙසට ගමන් කරමින් සිටි අයකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ගෙන් එක් අයකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි සීදූව පොලිසිය කියයි.
මෙලෙස වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ අංක 200/24, පුබුදු මාවත, කොටුගොඩ ලිපිනයේ පදිංචි මල්මදනගේ දිනේෂ් ප්‍රියසාත් සිල්වා (36)යන අයයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ තැනැත්තා ප්‍රදේශයේ විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්තකු බවත් මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට සම්බන්ධව ඇති අයකු බවත් පොලිසියට අනාවරණය වී ඇතැයි පවසයි.
තුවාල ලැබූ පුද්ගලයාගේ මුහුණ ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔහු සීදුව විජය කුමාරණතුංග රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත යොමුකර ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සීදූව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.