කටුනායක ගුවන්තොටුපොළ පරිගණක පද්ධතිය ෆයිබර් ඔප්ටික් තාක්ෂණයට බද්ධ කිරිමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සාකච්ඡා කළ බව ආගමන විගමන කොමසාර්ස් ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
ඒ ඊයේ (26) ජාත්‍යන්තර පොලිසිය ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන පරිගණක පද්ධතිය පැය බාගයක පමණ කාලයක් අක්‍රිය වීම හේතුවෙන් ඇති වූ තත්ත්වය හේතුවෙන් බව ඒ මහතා කීවේය. ඊයේ දහවල් 11.30ට පමණ පරිගණක පද්ධතිය අක්‍රීය වූ බව කී ඒ මහතා විදෙස්ගත වීමට පැමිණි ගුවන් මගීන්ට යම් ප්‍රමාදයක් ඇති වූ බවත්, වහාම ටෙලිකොම් ආයතනයට කතා කර තත්ත්වය සාමාන්‍ය ලෙස සකස් කළ බවත් කීවේය.
මේ වන විට ස්ථාපිත කර ඇත්තේ කොපර් පරිගණක පද්ධතියක් බැවින් එහි මන්දගාමි තත්ත්වය ඉවත් කිරීමට අද (27) ෆයිබර් ඔප්ටික් තාක්ෂණයට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එකඟ වූ බවද හෙතෙම කීවේය.