Tuesday, May 13, 2025
Home » අද දේශ­පා­ල­න­යට අවැසි ඇතු­ළ­ත්මු­දලි වැනි අයයි

අද දේශ­පා­ල­න­යට අවැසි ඇතු­ළ­ත්මු­දලි වැනි අයයි

හිටපු ඇමැති රවි කරු­ණා­නා­යක

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

අද දේශපාලනයට අවශ්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා වැනි අය බවත්, එබඳු ජන නායකයන්ගේ අඩුව අද තදින් දැනෙන බවත් හිටපු ඇමැති රවි කරුණානායක මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ 87 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාරයට එක් වෙමිනි.

ඒ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රවි කරුණානායක මහතා මෙසේද කීය:

“අද දේශපාලනයට අවශ්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා වැනි අයයි. අද ඒ හිස්තැන පේන්න තිබෙනවා. ඒ නිසා එම වැඩපිළිවෙළ අප අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. රටේ පෝලිම් යුගයක් තිබුණා. රට බංකොලොත් වුණාම නැවත යථා තත්ත්වයට පත් කිරීම ලේසි වැඩක් නොවෙයි. මේ අවස්ථාවේ කළ යුත්තේ දේශපාලන පොරපිටියක් ඇති කිරීම නොවෙයි. මේ අයවැයෙන් මීට වැඩිය දෙයක් කරන්න තිබුණා නම් හොදයි. එහෙත් මේ අයවැය හොදයි. එදා කරන්න බැරි වෙච්ච දේවල් අද කළ යුතුයි.

“ජාත‍්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වාරිකය ලැබෙන ස්වරූපයක් තිබෙනවා. දෙසැම්බර් 8 වැනිදා රටේ බංකොලොත් භාවය නැති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වේවි. දේශපාලනය වෙන්දේසි නොකර හැම දේම නිකම් නොදී සිටිය යුතුයි. බංකොලොත්භ භාවය ඇති වුණේ පොරොන්දු දේශපාලනය නිසයි. අප දේශපාලකයන් ලෙස ඕනෑම වෙලාවක ඡන්දයකට සූදානම්. පසුගිය කාලයේ බොහෝ දේ අහිමි වුණත්, අද එක්සත් ජාතික පක්ෂයේ පරිණත භාවය පෙනෙන්න තිබෙනවා.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේසරලාල් ගුණසේකර, ජනාධිපති නීතිඥ රසීක් සරුක්, නීතිඥ දම්සිරි ෆොන්සේකා, පත්මසිරි පෙරේරා, හිටපු පෞද්ගලික ලේකම් ශ්‍යාමිලා පෙරේරා, ශලීල මුණසිංහ, හර්ෂ අබේරත්න, කරුණාරත්න විතාන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ලලිත් ඇතුළත්මුදලි උපහාරය සඳහා එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT