243
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අරමුදල් රැස් කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශනය වසර 14කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශ්‍ය තීරණය කර තිබේ. ඒ අනුව මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 13 දින සිට 17 දින දක්වා ජා-ඇළ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පසුගිය කාලය පුර පැවැති තත්ත්වයන් හමුවේ මේ ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි වූ බව කියා සිටි ඒ මහතා මෙවර ප්‍රදර්ශය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද කීවේය.