Home » ඕල­න්දෙන් ආපසු ලැබෙන පුරා­වස්තු බදාදා කටු­නා­ය­කට
නුවර රජ මාලි­ග­යෙන් ගෙන ගොස් තිබී

ඕල­න්දෙන් ආපසු ලැබෙන පුරා­වස්තු බදාදා කටු­නා­ය­කට

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ලන්දේසීන් විසින් වර්ෂ 1765 දී මහනුවර රජමාලිගාව වටලන අවස්ථාවේදී මෙරටින් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් බදාදා (29) මෙරටට රැගෙන එනු ලබයි.

එදින උදෑසන 5.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මේ කෞතුක භාණ්ඩ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා මෙරට සිටින නෙදර්ලන්තයේ තානාපතිවරිය සහ නිලධාරීන් විසින් භාර ගැනීමට නියමිත අතර, ඉන් පසු ඒවා කොළඹ ජාතික කෞතුකාගාරයට රැගෙන එනු ලබයි.

ලබන මස 5 දින විශේෂ උත්සවයක් පවත්වා මේ කෞතුක භාණ්ඩ මහජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙන අතර, මේ විශේෂ උත්සව අවස්ථාවට විදුර වික්‍රමනායක ඇමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සමඟ නෙදර්ලන්ත රජ පවුලේ සාමාජිකයන්ද සහභාගි වීමට නියමිතය. මෙහිදී ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු අනෙකුත් භාණ්ඩ ප්‍රදර්ශනය කරනු ලබයි. මේ ප්‍රදර්ශනය මෙරට මහජනතාවට දැක බලා ගැනීම සඳහා යම් කාලයක් පවත්වන බව බුද්ධශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT