Tuesday, May 13, 2025
Home » අලු­ත්වැ­ඩියා කට­යුතු අව­සන් ලක්වි­ජය බලා­ගා­රයේ තෙවැනි යන්ත්‍ර­යෙන් 29දා සිට විදු­ලිය

අලු­ත්වැ­ඩියා කට­යුතු අව­සන් ලක්වි­ජය බලා­ගා­රයේ තෙවැනි යන්ත්‍ර­යෙන් 29දා සිට විදු­ලිය

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

නඩත්තු කටයුතු හේතුවෙන් අක්‍රියකර ඇති නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට එළඹෙන 29දා එක් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවැසීය.

මෙම ජනන යන්ත්‍රය අතවශ්‍යයෙන්ම සිදුකළ යුතු නඩත්තු කටයුතු හේතුවෙන් මෙයට පෙර අක්‍රිය කර එහි සම්පුර්ණ සුපරික්ෂාවන් සිදුකර අනතුරුව පරික්ෂණ ධාවන කටයුතුද මේවන විට සිදුකරමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ලක්විජය තාප බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රයද අක්‍රියව ඇති අතර එම යන්ත්‍රයද ලබන මස 12වෙනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි වෙනු ඇතැයිද ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවැසීය. එම දෙවැනි ජනන යන්ත්‍රය බිඳ වැටීම් සිදුව තිබුණේ පසුගිය 17 වෙනිදා වන අතර එහි නඩත්තු කටයුතුද මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT