පොලොන්නරුව වැලිකන්ද රණවිරු ගම්මානයේ විදුලි සැර වැදීමෙන් අවුරුදු තිහක පමණ වන අලියකු 27 මියගොස් ඇති බව වැලිකන්ද වනජීවීන් නිලධාරීන් සඳහන් කරයි.
රණවිරු ගම්මානය ත්‍රීරෝද රථ රියදුරෙකු තමන්ගේ ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මෙම වන අලියා මියගොස් ඇති බව වැලිකන්ද වන සත්ව නියාමක යූ. බී. එස්. එන්. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම වන අලියාට විදුලි සැර වැදීමට සම්බන්ධ රණවිරු ගම්මානයේම පදිංචි පනස් වියැති අයකු අද (27) අනවසර විදුලි රැහැන් සහ ඊට යොදාගත් සියලු උපකරණ සමග අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඇතුළු වන නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බවද වැලිකන්ද වනජීවී
නිලධාරීන් සඳහන් කරයි.
මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් මහවැලි බී කලාපයේ විදුලි සැර වැදීම හේතුවෙන් වන අලි එකොළොස් දෙනෙකු මියගොස් ඇති අතර, විදුලි සැර වැදීමෙන් මියගිය පසු වන අලින් කෑලි කපා කොටස් කර හතරදෙනකු අභිරහස් ලෙස වළ දමා ඇති බවද වනජීවි නිලධාරින් සඳහන් කරයි.