Home » බෑනාගේ පොල්ල නැන්ද­ම්මාට මරු කැඳ­වයි

බෑනාගේ පොල්ල නැන්ද­ම්මාට මරු කැඳ­වයි

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

කොටදෙනියාව සමූහ සහ වේයන්ගොඩ විශේෂ

පවුල් ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් අවසානයේ බෑනාගේ පොලු පහරට ගොදුරු වූ නැන්දම්මා මරණයට පත්ව ඇතැයි මිරිගම පොලිසිය කියයි. 24 රාත්‍රියේ මෙසේ මිය ගොස් ඇත්තේ මාකූර ග්‍රාම නිලධාරි වසමේ කොහිල කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි විතානපතිරණලාගේ කාන්ති මාලනි 60 නැමති දෙදරු මවකි පොලු පහරට ලක් වූ කාන්තාව මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව හෙළි වී ඇත. සැකකාර බෑනා කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය සිදු කර ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබා ගන්නා ලෙසට පොලිසියට නියෝග කෙරිණි. සිදුවීමෙන් අනතුරුව වැල්ලව ප්‍රදේශයට පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිස් නිලධාරී කණ්ඩායමක් උපක්‍රමශීලී ව කටයුතු කර ඇත. මෙම සැකකරු මීට පෙර ද කාන්තාවක මරණයට පත් කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සත්‍ය දැයි හෙළි කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ පැවැත්වේ. මිරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT