පවුල් ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් අවසානයේ බෑනාගේ පොලු පහරට ගොදුරු වූ නැන්දම්මා මරණයට පත්ව ඇතැයි මිරිගම පොලිසිය කියයි. 24 රාත්‍රියේ මෙසේ මිය ගොස් ඇත්තේ මාකූර ග්‍රාම නිලධාරි වසමේ කොහිල කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි විතානපතිරණලාගේ කාන්ති මාලනි 60 නැමති දෙදරු මවකි පොලු පහරට ලක් වූ කාන්තාව මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව හෙළි වී ඇත. සැකකාර බෑනා කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ශෂිකලා වනිගසුන්දර මහත්මිය සිදු කර ලැබුවාය. පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව ලබා ගන්නා ලෙසට පොලිසියට නියෝග කෙරිණි. සිදුවීමෙන් අනතුරුව වැල්ලව ප්‍රදේශයට පලා ගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට මීරිගම පොලිස් නිලධාරී කණ්ඩායමක් උපක්‍රමශීලී ව කටයුතු කර ඇත. මෙම සැකකරු මීට පෙර ද කාන්තාවක මරණයට පත් කර ඇති බවට ලැබී ඇති තොරතුරක් සත්‍ය දැයි හෙළි කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ පැවැත්වේ. මිරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බෑනාගේ පොල්ල නැන්දම්මාට මරු කැඳවයි
November 27, 2023 1:00 am
0 comment
කොටදෙනියාව සමූහ සහ වේයන්ගොඩ විශේෂ
223