Home » පොලිස් නිල­ධා­රි­ය­කුට පහර දුන් 2ක් අත්අ­ඩං­ගු­වට

පොලිස් නිල­ධා­රි­ය­කුට පහර දුන් 2ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම බිමල් ජයසිංහ

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ දී පෙරේදා (25) රාත්‍රී පොලිස් නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.

පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 93360 උක්වත්ත නිලධාරියා බව පොලිසිය කියයි. පහර කෑ එම නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් ව ඇත.

තුවාල ලද කොස්තාපල්වරයා තවත් නිලධාරියකු සමඟ රාත්‍රී ආහාර ලබා ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය හන්දිය වෙළඳ සැලකට ගොස් යළි පැමිණීමේ දී පුද්ගලයන් දෙදෙනකු සමඟ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ 2 පොලිස් පටුමග හා කොළඔ 2 නවම් මාවත පදිංචි වයස අවුරුදු 25 සහ 39 අතර පසුවන්නන් ය.

සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොම්පඤ්ඤ වීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT