ලබන මස ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම කොළඹ රාජකීය විදුහලේ සිනෙත් ජයවර්ධනට පැවරී තිබේ.
ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති කටයුතු කරයි.
ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට පසුගිය ඔක්තෝබර් මාසයේදී සිනෙත්ගේ නායකත්වයෙන් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ අතර, එහිදී තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එම සංචාරයට එක් නොවූ දුවිඳු රණතුංග, හිරුන් කපුරුබණ්ඩාර සහ දිනුක තෙන්නකෝන් මේ සංචිතයට එක්ව සිටිති.
යොවුන් ආසියානු කුසලාන තරගාවලිය කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ජපානය සහ සත්කාරක එමීර් පිල සමඟින් ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරගය දෙසැම්බර් 9 වැනිදා ජපානයට එරෙහිව පැවැත්වෙන අතර, දෙවැනි තරගය 11 වැනිදා එමීර් පිලට එරෙහිවත්, තෙවැනි තරගය 13 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් පැවැත්වේ.
19න් පහළ යොවුන් සංචිතය – සිනෙත් ජයවර්ධන (නායක – කොළඹ රාජකීය), මල්ෂ තරුපති (උප නායක – ගාල්ල රිච්මන්ඩ්), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ), රුසඳ ගමගේ (කොළඹ සා. පීතර), රවිෂාන් නෙත්සර (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න), සාරුජන් ෂන්මුගනාදන් (කොටහේන සා. බෙනඩික්ට්), දිනුර කළුපහන (ගාල්ල මහින්ද), විශ්ව ළහිරු (පාණදුර ශ්‍රී සුමංගල), ගරුක සංකේත (වත්තල ලයිසියම්), විශේන් හැලඹගේ (කොළඹ සා. පීතර), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද), විහාස් තෙව්මික (තර්ස්ටන්), දුවිඳු රණතුංග (කොළඹ මහානාම), හිරුන් කපුරුබණ්ඩාර (කොළඹ සා. ජෝසප්), දිනුක තෙන්නකෝන් (ත්‍රිත්ව).
අතිරේක – ජනිත් ප්‍රනාන්දු (වෙන්නප්පුව සා. ජෝසප් වාස්),සුපුන් වඩුගේ (ත්‍රිත්ව).