Thursday, May 15, 2025
Home » කොළඹ හින්දු විදු­හලේ රිෂි­යු­ධන් ලකුණු නොදී කඩුලු 8ක් දවාගනී

කොළඹ හින්දු විදු­හලේ රිෂි­යු­ධන් ලකුණු නොදී කඩුලු 8ක් දවාගනී

නාලන්දාවේ කපිලගේ වාර්තාව සම කරයි

by Gayan Abeykoon
November 27, 2023 1:26 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

අවුරුදු 13න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට කොළඹ හින්දු විදුහලේ 10 හැවිරිදි සෙල්වසේකරන් රිෂියුධන් සමත් විය.

තරගාවලියේ දෙවැනි කොටසේ පළමු වටයේදී බත්තරමුල්ල එම්.ඩී.එච්. ජයවර්ධන විදුහලට එරෙහිව මුල්ලේරියාව ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ඕවර 9.4ක් ක්‍රියාත්මක කළ රිෂියුධන් එම ඕවර 9ම නිලකුණු ඕවර බවට පත් කරමින් කඩුලු 8ක් බිඳ දැමීමට සමත් විය.

පාසල් තරග වාර්තා අනුව ඔහුට පෙර මෙවැනි දස්කමක් පෙන්වා තිබුණේ 1976 වසරේ අවුරුදු 12න් පහළ තරගයකදී නාලන්දා විදුහලේ ආරම්භක පන්දු යවන්නා වූ කපිල වික්‍රමසූරියයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට එරෙහිව ලකුණු නොදෙමින් කඩුලු 8ක් දවාගෙන තිබූ අතර, ඉන් වසර 47කට පසු රිෂියුධන් මේ දස්කම පෙන්වීමට සමත් විය.

සිය පන්දු යැවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රිෂියුධන් පවසන්නේ තමාට වර්ග 6ක පන්දු යැවිය හැකි බවයි. එනම් ඔෆ් ස්පින්, ලෙග් ස්පින්, කැරම් බෝල්, ලූප්, ෆ්ලැට් ලූප් සහ වේග ලෙසයි. තම ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා නෙදන් ලයන් බව පවසන රිෂියුධන් ඔහු මෙන් පන්දු යැවීමට කැමැති බවත්, තමා අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කිරීමට කැමති බවත්ය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් හින්දු විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 126ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ජයවර්ධන පිලට පළමු ඉනිම වෙනුවෙන් ඕවර 28.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 28ක් පමණි. මේ තරගයේ පළමු ඉනිමේ ජය හින්දු විදුහල සතු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT