බොල්ගොඩ ගඟේ ඌර කඩුව තොටුපලේ විනෝදයට දිය නාමින් සිටි තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අලුබෝමුල්ල එස් මහින්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි චලන චාමින්ද ප්‍රනාන්දු නැමැති 19 හැවිරිදි තරුණයෙකි
මියගිය තරුණයා මිතුරන් සිව් දෙනෙකු සමඟ ඌරකඩුව තොටුපොළේ විනෝදයට දිය නෑම සඳහා අද (27) සවස පැමිණ මද වේලාවන් දිය මත විනෝද වී ඇති අතර එක් තරුණයකු ගේ මව පැමිණ ගොඩට පැමිණෙන ලෙස හඬගසා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි
ඒ සමගම එම තරුණයා සහ මියගිය තරුණයා තව වටයක් ගිහින් එන්නම් යැයි පවසා ගඟ මැදට වන්නට හරස් අතට දමා තිබෙන උණ බටය අසලට දුරක් පිහිනා ගොස් නැවත එන ගමනේදී මියගිය තරුණයා එකවරම දියෙ ගිලි ඇතැයි පොලිසිය කියයි
ඔහු මාව බේරා ගන්න යෑයි එක වරක් පමණක් කෑ ගසා ඇති අතර සෙසු තරුණයන් අසළ නිවසකට දිව ගොස් කඹයක් සහ පොල්ලක් රැගෙන විත් දියට විසි කර ඇතත් ඔහුට එය අල්ලා ගැනීමට නොහැකි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත
සෙසු තරුණයන් ඒ බව අසල්වාසීන්ට දැනුම් දීමත් සමගම එම ස්ථානයට පැමිණි පිරිසේ සිටි තරුණයෙක් දියේ ගිලී සිටි තරුණයාව ගොඩට ගෙන පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර වූ අතර වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා තරුණයා ගේ ජිවිතය බේරා ගැනීමට උත්සාහ කළ ද පැය භාගයක පමණ කාලයක් තුලදී ඔහු මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි