කතරගම ප්‍රදේශයේ වීථි දරුවන් වෙනුවෙන් තිබූ ළමා නිවාසය ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතාව මත වසා දැමීමේ උත්සාහයක නිරත වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කුමන්ත්‍රණ සිදු වන බවට චෝදනා එල්ල වන අතර, ඌව පළාතේ දේශපාලනඥයෙක් සහ ඌව පළාත් සභාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකුගේ අවශ්‍යතාව මත එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බව ද පෙන්වා දෙති.
ඔවුන්ගේ අවශ්‍යතාව මත මේ ආයතනයට යොමු කළ මුරකරුවන් විසින් ආයතනයේ කටයුතු කඩාකප්පල් කරමින් එහි කාර්ය මණ්ඩලයටත් දරුවන්ටත් පීඩාකාරී අයුරින් කටයුතු කරන බවද පෙන්වා දෙන ප්‍රදේශවාසීහු ඔවුන්ගේ මේ හැසිරීම සම්බන්ධයෙන් වරින් වර බලධාරීන් දැනුවත් කළද ඒ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද සඳහන් කරති.
මෙවැනි තත්ත්වයක් තුළ කැපවීමෙන් රාජකාරි කළ කාර්ය මණ්ඩලයට ස්ථාන මාරු ලබා දී ආයතනය වසා දැමීමේ උත්සාහයක නිරත වන බවට වාර්තා වෙයි. කෙසේ වුවද මේ ළමා නිවාසය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය යුතු බවට කතරගම ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.