පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී එන්.කේ සූරියබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.
ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් එය අවසන් වනතෙක් අදාළ තීරණය ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධව කළ විමසීමක දී පේරාදෙණිය විශ්වවිදයාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති, මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කීය.
ආරක්ෂක අංශ සේවකයින් රාජකාරි සඳහා යෙදවීමේ දී මෙන්ම ඔවුන් ට අතිකාල දීමනා ලබා දීමේ දී පවතින දුර්වලතා ඇතුළු චෝදනා රැසක් පසුගිය කාලයේ දී ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයාට එල්ල වී තිබිණි.
මොහුගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් අධ්‍යයන හා අනධ්‍යයන සේවක සේවිකාවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද පසුගිය කාලයේ දී විරෝධතා පවත්වනු ලැබීය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගන්නා බවට ද චෝදනා එල්ල වූ අතර ප්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට පාලක සභාව තීරණය කරනු ලබන්නේ එම පසුබිම යටතේ ය.