මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත විදුලි සෝපානයෙන් යමින් සිටිය දී එය හදිසියේ අක්‍රීයවීම නිසා විනාඩි 30කට ආසන්න කාලයක් එහි සිරවී සිටි මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපකෂ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන තිබේ.
මහජන දිනය නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෙවැනි මහලේ පිහිටි සම්බන්ධීකරණ කමිටු කාර්යාලය වෙත යමින් සිටිය දී තමන් මෙම අකරතැබ්බයට මුහුණ දුන් බව ගුණතිලික රාජපක්ෂ මහතා කීය.
විදුලි සෝපානය අක්‍රීය වූ අවස්ථාවක හදිසි දැනුම් දීමක් කිරීම සඳහා ඇති බොත්තම ද ක්‍රියා නොකිරීම නිසා තමන් ඇතුළු පිරිස අසරණ තත්ත්වයකට පත් වූ බවත් මේ සම්බන්ධව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා දැනුවත් කළ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.