මිනිසුන් ලෙඩ කරන ආහාර වර්ග වෙළෙඳාමට තබා තිබුණේ යැයි කියන මීගමුවේ සුපිරි වෙළෙඳ ආයතන කිහිපයකට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රේමරත්න මහත්මිය දඬුවම් නියම කළාය. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ සුපිරි වෙළෙඳ සැල් ආයතන තුළ මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වූ ආහාර ප්‍රදර්ශනය කර තිබුණේ යැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ඒ. යූ. කේ. ගුණරත්න මහතාගේ උපදෙස් මත මංජුල සම්පත් හේවාවසම්, සුරංග මදුරාවල, මාලිම නිර්මාණ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොනුකළ චෝදනා මත මෙම දඬුවම් නියම කරන ලදී. ගුල්ලන් සහිත හාල්, කුණු අල අලෙවියට තබා තිබූ අයෙකු රුපියල් ලක්ෂ දහයක (10) ශරීර ඇප මත මුදාහරින ලදී.
කල් ඉකුත් වූ මුරුක්කු විකිණීමට තබා තිබුණේ යැයි කියන වරද පිළිගත් වෙළෙන්දෙකුට රුපියල් 5,000ක දඩයක් ද ගෙවීමට නියම විය. එසේම ලේබල් රහිත සැමන් ටින් 216ක්, අෙලවියට ප්‍රදර්ශනය කර තිබූ වෙළෙන්දෙකුට රුපියල් දහදාහක (10,000) දඩයක් ද නියම කරන ලදී.