Home » හෙරෝ­යින් ජාවාරමෙකු මිලි ග්‍රෑම් 10100 ක් සමග අත්අ­ඩං­ගු­ වට

හෙරෝ­යින් ජාවාරමෙකු මිලි ග්‍රෑම් 10100 ක් සමග අත්අ­ඩං­ගු­ වට

by Gayan Abeykoon
November 28, 2023 1:00 am 0 comment

දෙහිවල - එච් එම් ධර්මපාල

හෙරෝයින් ජාවාරමේ නියුතු පුද්ගලයකු අලෙවියට තබාගන සිටි හෙරෝයින් මිලිග්‍රෑම් 10100 ක් සමග බඩෝවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් (26) වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

සැකකරු බඩෝවිට 5 වන අදියර පදිංචිව සිටින වයස අවුරුදු (27) ක් වන අතර තොග වශයෙන් රැගෙන එන හෙරෝයින් නිවසේ සිට පැකට්කර රත්මලාන, ගල්කිස්ස, මොරටුව, ලුනාව, පිළියන්දල යන ප්‍රදේශවලට දීර්ඝ කාලයක් තිස්සේ බෙදාහැර ඇති බවට අනාවරණයවී ඇතැයිද පොලීසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT