මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි මංගල උත්සව භාණ්ඩ කුලියට දෙන ආයතනයකින් යකඩ පෝරු ඇතුළු රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා උත්සව භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිලලක් මුල්ලේරියාව පොලිසියට ලැබී තිබුණි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව විමර්ශන සිදු කොට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් අනුව සොරා ගන්නා ලද එම යකඩ භාණ්ඩ සොයා ගැනීමට හැකිවී තිබේ. සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සොයිසා මහතා විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යයි.