ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රීමා අනුග්‍රහයෙන් සංවිධාන කරන අවුරුදු 15න් පහළ යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට තෙවිඳු වේවැල්වලගේ නායකත්වයෙන් තරග කරන කොළඹ දකුණ ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.
මූලික වටයේ අවසන් තරගයේදී කොළඹ දකුණ ක්‍රීඩකයෝ මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී ලකුණු 138ක ජයක් වාර්තා කළේය. පළමුව පන්දුවට පහරදුන් කොළඹ දකුණු පිල දුන් ලකුණු 208ක ඉලක්කය හමුවේ මහනුවර කණ්ඩායමට ඕවර 21.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 65ක් පමණි.
කොළඹ දකුණ – 203 (ඕවර 47.4) හිරුන් මතීෂ 63, සත්සර නිලන්ජිත් 30, ජසන් ප්‍රනාන්දු 23 (ඉෂාන් ප්‍රභාගරන් 40/3, කවීෂ සමරතුංග 23/2, ඔහස් ආදිත්‍ය 35/2, කෙනුල පිහිලිඅංග 38/2)
මහනුවර – 65 (ඕවර 21.3)දිනුල් විජේසිංහ 16 (හිමස්රු දේශාන් 11/4, දුනිත අනුසර 11/2, රුසඳු සිල්වා 22/2)
කොළඹ උතුරට ජය
මේ අතර කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ පැවති මූලික වටයේ අනෙක් තරගයෙන් ගාල්ල පිලට එරෙහිව ලකුණු 62ක ජයක් හිමි කර ගැනීමට කොළඹ උතුර ක්‍රීඩකයෝ සමත් වූහ. මේ ජය සමඟ අවසන් තරගයට එක් වීමට කොළඹ උතුර ක්‍රීඩකයන්ට හැකි විය.
කොළඹ උතුර – 165/7 (ඕවර 50) දුල්නෙත් අගලවත්ත නොදැවී 56, සහන් රශ්මික 38 (ගිම්හාන් මෙන්ඩිස් 38/2, කවික මධුෂංක 56/2)
ගාල්ල – 104 (ඕවර 35.5) යසිරු ලක්ෂාන් 29, ලුදීෂ නිම්සර 21 (ළහිරු ලක්මාල් 21/4, දසිත් පෙරේරා 15/3, සෙනිත් නෙත්සර 16/2)