සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.
කළුතර උතුර පොලිසිය කියා සිටියේ අනතුරින් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව යි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකි.
අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය අනතුරට මුහුණපා තිබේ.
චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව තිබෙන අතර, දුම්රියටද හානි සිදුව තිබේ.
පොලිසිය සඳහන් කළේ දුම්රිය රියදුරුගේ ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවය.
තුවාල ලබා ඇති සංචාරකයින් සඳහා සුවසැරිය ගිලන් රථයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර, අනතුරට පත් දුම්රියේ සිටි මගීන් මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමනාන්ත සැලසීමට කටයුතු කර තිබුණි.