Home » අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුගලය පොලිස් භාරයට

අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුගලය පොලිස් භාරයට

by yasara
November 29, 2023 3:35 pm 0 comment

අවුකන පිළිම වහන්සේට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලැබුණු පැමිණිල්ලකට  අනුව ඊයේ (28දා) අවුකන පිළිම වහන්සේට පොරවන ලද එම සිවුර , පබළු ඔබ්බවන ලද පාවහන් ජෝඩුවක්, එම සිවුර පොරවන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප හතරක් විමර්ශන සඳහා ගල්නෑව පොලිසිය භාරයට ගෙන තිබේ.

අනුරාධපුර පුරා විද්‍යා කාර්යාලයට අයත් උපුල් වෙහෙර උප කාර්යාලයේ  කලාප භාර නිලධාරියා කල පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කල බව ගල්නෑව පොලිසිය පවසයි.

සම්බන්ධයෙන් පුරා විද්‍යා නීති අංශය දැනුවත් කර ලැබුණු නීති උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ලෙසට දැන් වීමත් සමග මෙම පැමිණිල්ල සිදු කල බව පුරා විද්‍යා කලාප භාර නිලධාරියා සිදු කල පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව අවුකන පිළිම වහන්සේට පොරවන ලද අඩි 45 ක් දිග, අඩි 24යි, අඟල් 10 ක් පළල තැඹිලි පාට සිවුර සහ  අඩි 1යි, අඟල් 10ක දිග, පළල අඟල් 7ක් වන පබළු ඔබ්බවන ලද පාවහන් ජෝඩුවක්, සිවුර පොරවන අවස්ථාව දැක්වෙන ඡායාරූප හතරක් විමර්ශන  සඳහා තම භාරයට ගත් බව පොලීසිය  සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නීති අංශය  සහ නීතිපතිවරයා දැනුවත් කර නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවද පොලීසිය සඳහන් කළේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT