Home » ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා -වැඩබලන පොලිස්පති

ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා -වැඩබලන පොලිස්පති

by yasara
November 29, 2023 4:15 pm 0 comment

වැඩබලන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) දහවල් ගංගාරාම විහාරස්ථානය ට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.

විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ආශිර්වාද කරමින් අනුශාසනා සිදු කළහ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශබන්ධු මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින්.,මත්ද්‍රව්‍ය නිවාරණයට සහ,සංවිධානාත්මක අපරාධ වැලැක්වීමට,ප්‍රමුඛතාවය දී ක්‍රියා කරන බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සමග ශ්‍රී ලංකා පොලිසිය කටයුතු ඉදිරියට ගෙන යෑමට තමන්ට හැකි බවයි දේශබන්ධු මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ද මෙහිදී අනුශාසනා කරමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය කරමින් පාතාලය මර්දනය කරමින් ජනතාවට නිවී සැනසිල්ලේ ජීවත්වීමට ඉඩ ලබාදීම වැදගත් බවයි.

ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට උසස් පොලිස් නිලධාරීන් රැසක් ද සහභාගි වී සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT