ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රීලංකාවේ
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාව ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වය දරන නිලණයහිමි කමිටුව විසින් තහවුරු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සියලුම නිලණයහිමියන් ණයප්‍රතිව්‍යුහගත කිරීමට එකඟවීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්වන අතර එය ශ්‍රීලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමේ ප්‍රධාන පියවරක් ද වන බවයි.
මීට පෙර චීන එක්සිම් බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාවය පළ කළේය.
නිල ණයහිමි කමිටුව විසින් එකඟතාවය ලබාදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන්වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇතිකරන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
එමගින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙනුඇත.
මෙම පියවර ශ්‍රීලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක්වන අතර තවදුරටත් ශ්‍රි ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසාර ආර්ථික වර්ධනය ළගාකර ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව සේමසිංහ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සිය මූල්‍ය උපදේශකයින් මගින් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවයකට පැමිණීම සඳහා බාහිර පුද්ගලික ණයහිමියන් සමඟද අඛණ්ඩව කටයුතු කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.