Home » ඉන්දියාවේ උමගක සිරවී සිටි කම්කරුවන් පිරිස මුදා ගනී

ඉන්දියාවේ උමගක සිරවී සිටි කම්කරුවන් පිරිස මුදා ගනී

by chanaka
November 29, 2023 8:31 am 0 comment

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ සහන සේවකයින් විසින් සාර්ථකව එම කම්කරුවන් පිරිස මුදාගෙන ඇති බවයි.

කම්කරුවන් කිසිවෙකුට තුවාලයක් හෝ සිදුව නොමැති බවත්, ඔවුන් නිරුපද්‍රිතව සිටින බවත් සදහන් වේ.

එහෙත් එම කම්කරුවන් සියලු දෙනා වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් සඳහා ළගම පිහිටි රෝහල වෙත ඇතුළත් කර ඇත.

කම්කරුවන් පිරිස සිටි ස්ථානය ආසන්නයෙන් කුහරයක් නිර්මාණය කර ඒ තුළින් අඩි 03 ක පමණ විශ්කම්භයක් නිර්මාණය කර ඔවුන් එකිනෙකා මුදාගැනීමට සහන සේවකයින් කටයුතු කර තිබුණි.

නායයාමක් හේතුවෙන් අදාළ උමගෙහි කොටසක් කඩාවැටීම හමුවේ කම්කරුවන් 41 දෙනා ඒ තුළ සිරවුණේ ඉකුත් 12 වැනිදා ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT