Home » යුක්ක්‍රේන හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා

යුක්ක්‍රේන හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා

by chanaka
November 29, 2023 4:18 pm 0 comment

යුක්ක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානි ක්‍රිර්යෝල් ඩුඩනෝව් ගේ බිරිඳ මරියානා බුඩනෝවාට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රොයිටර් පුවත් සේවය වාර්තාකරයි.

2022 පෙබරවාරියේ මාසයේ සිට යුක්ක්‍රේන හමුදාව, රුසියන් ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නේ, ක්‍රිර්යෝල් ඩුඩනෝව්ගේ හමුදා බුද්ධි අංශ දෙන උපදෙස් අනුවය.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුවුණු බවත වෛද්‍යවරුන් පවසා තිබේ. වෛද්‍යවරුන් සැක කර ඇත්තේ ආහාර මගින් ඇගේ සිරුරට විෂ ඇතුළු වන්නට ඇති බවය.

කෙසේ වෙතත් විෂ වීම සිදු වූයේ කවදාද යන්න පැහැදිලි නැති බව වෛද්‍යවරු සදහන් කර ඇත.

බීබීසී යුක්ක්‍රේන සේවය වාර්තා කර ඇත්තේ යුක්ක්‍රේන හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකුට ද මෙලෙස විෂ වීමේ මෘදු රෝග ලක්ෂණ දක්නට ඇති බවයි.

රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ තිරය පිටුපස මහමොළකරුවෙකු ලෙස ක්‍රිර්යෝල් ඩුඩනෝ නිරූපණය කෙරේ. එසේම රුසියානු හිතාවදී මාධ්‍ය තුළ ඔහු වෛරී චරිතයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT