ගෙවත්තක වළදමා සඟවා තිබූ කේරළ ගංජා කිලෝ තිස් හතරකට අධික තොගයක් සමඟ සැකකරුවකු (01) ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව පෙරේදා (27) යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ කළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර තිබේ.
උතුරු නාවික විධානයේ නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනය හා මරුදන්කේනි පොලිසිය එක්ව, යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් කර තිබේ.
එහිදී එම ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබු ප්ලාස්ටික් බැරල් තුනක සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 17ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් 400ක පමණ තොගයක් සමඟ සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
අත්අඩංගුවට ගත් මේ කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන දහතුනකට අධික වෙතැයි විශ්වාස කෙරේ.
කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන තලයඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, සැකකරු සහ කේරළ ගංජා කිලෝ 34 ග්‍රෑම් හාරසියයක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.