Home » කැබිනට් තීරණ

කැබිනට් තීරණ

by mahesh
November 29, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාල හා සහයෝගිතා ගිවිසුම්ගත වීමට අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ සාධාරණ වෙළෙඳාම සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා අනුව, ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ජාලයන් සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් සහයෝගිතා රාමුවකට අත්සන් තැබීමට ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


වරාය නගර නියෝග මැතිසබයේ අනුමැතියට

අංක 2355/30 හා 2023-10-25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත කොළඹ වරාය නගර නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


දේශගු ණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

පරිසර අමාත්‍යාංශය විසින් යාවත්කාලීන කරනු ලැබ ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලදුව ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


ශ්‍රී ලංකා – නේපාල අධ්‍යාපන සහයෝගිතා ගිවිසුම

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගය තර කරනු පිණිස ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර යෝජිත ගිවිසුම සඳහා අත්සන් තැබීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැති හිමිව තිබේ.


දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව

අධ්‍යාපන අමාත්‍යාංශය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය එක්ව දකුණු ආසියානු සුදුසුකම් නිර්දේශන රාමුව (අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ ශ්‍රම බළකායේ නිපුණතා සඳහා) ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැති හිමිව තිබේ.


කාබන් උදාසීනතා මාර්ග සිතියම

වර්ෂ 2050 වන විට කාබන් උදාසීන රටක් බවට පත්වීම පිණිස අවශ්‍ය වන හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් තිර කිරීම වැඩි කිරීම සඳහා සකස් කළ ශුද්ධ ශූන්‍ය මාර්ග සිතියම සහ උපායමාර්ග සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පරිසර ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


ශ්‍රී ලංකාව – කොරියානු සහයෝගිතා ගිවිසුම

ශ්‍රී ලංකාව සහ කොරියානු සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමටත්, එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමටත් පරිසර ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


වෛද්‍ය ආඥාපනත සංශෝධනය

අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම්ව වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ඇමැති මණ්ඩලය විසින් තීරණය කරන ලදි.


මඩුවන්වෙල නින්දගම වත්තෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියකට

රත්නපුර ඇඹිලිපිටිය මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දීර්ඝකාලීන බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගමට දීමට සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


මැනුම් – සිතියම් ආයතන පනත සංශෝධනය

සරසවි වරම් අහිමි සිසුන්ට දොරටු විවර වන පිරිදි මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT