ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය මහතා එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ ” ගෝලීය මානුෂීය ” සම්මානය රැගෙන අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ආචාර්ය දිමුතු බාලසූරිය මහතා ට එම සම්මානයට අමතරව ” ආසියානු සාම නියෝජිත ” තනතුර ද පිරිනමා තිබේ .
මෙම සම්මාන සහ තනතුරු ප්‍රදානය ඉකුත් 11/26 දින තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය මගින් පැවැත්වූ උත්සවයක දී පිරිනමා තිබුණි .
මෙම සම්මාන රැගෙන ආචාර්ය දිමුතු බාලසූරිය මහතා 11/29 දින උදෑසන 11.40 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර එතුමා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .