පරණ ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වා මහජන නියෝජිතයන් පත් කර ගැනීමෙන් ආයතන සක්‍රියව පවත්වාගෙන යෑම කෙරෙහි විපක්ෂය විරුද්ධ නැති බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) පැවසීය.
රටේ සමස්ත පරිපාලනයෙන් පළාත් සභා, පළාත් පාලන ආයතන තුළ මහජන නියෝජිතයන් නැතිකම නිසා පරිපාලනය විනාශ වී ඇති බවත් රටේ ජනතාවට විශාල සේවාවක් සපයන මේ අමාත්‍යාංශය හරහා පළාත් ආයතන සක්‍රිය කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසුවේය.
රුපියල් බිලියන 469ක් මේ අමාත්‍යාංශයට වෙන් කර තිබෙනවා. මේ අමාත්‍යාංශය ගත් විට රටේ පරිපාලනයේ සියලුම නිලධාරීන්, අමාත්‍යාංශ, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාමීය ආයතන සියල්ලක්ම මෙහෙය වීම මේ අමාත්‍යාංශයෙන් සිදු වෙනවා. පළාත් සභා මේ වන විට අක්‍රිය වෙලා තිබෙනවා. පළාත් සභා පැවැත්වීම සිදු කරන්නේ කොහොමද කියලා මැතිවරණ කොමිසමට ගැටලුවක්ව තිබෙනවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන ගැටලුව විසඳීමට පරණ ක්‍රමයටම මැතිවරණය පවත්වා මේ සභා සක්‍රිය කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිනවා. පළාත් සභා නොමැතිකම නිසා දෙපාර්තමේන්තු හරහා වංචා දූෂණ ගණනාවක් සිදු වෙනවා. ග්‍රාමීය, දිස්ත්‍රික් රෝහල් සියල්ලම අයත් වන්නේ පළාත් සභාවලට. මැතිවරණ ක්‍රමයේ නම් ගැටලුවක් තිබෙන්නේ පරණ ක්‍රමයටම මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටිනවා.