Home » ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 02දා පවත්වනවා

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 02දා පවත්වනවා

by mahesh
November 29, 2023 1:00 am 0 comment

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගය දෙසැම්බර් 02 වනදා පවත්වන බවත් ඒ අනුව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබාදීමට නියමිත බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා 28 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එමෙන්ම කමිටු වාර්තාව ලැබුණු වහාම ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව පැවසීය. කලබල කරලා මෙම පත්වීම් ලබා දෙන එක නතර කරන්න හදන්න එපා. මෙය රටට අවශ්‍යයි. ග්‍රාම නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද කමිටු වාර්තාවක් කැඳවා ඇතැයි හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT