Sunday, May 11, 2025
Home » එක්සත් ජාතික පක්ෂය යනු පරාජයන් තුළින් නැඟී සිටි පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂය යනු පරාජයන් තුළින් නැඟී සිටි පක්ෂයක්

by mahesh
November 29, 2023 1:00 am 0 comment

එක්සත් ජාතික පක්ෂය යනු පරාජයන් තුළින් නැඟී සිටි පක්ෂයක් බවත් ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් සෑම නායකයකුම පාහේ පරාජයන් තුළින් ශක්තිමත්ව නැඟී සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් කතා කළද මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා අගමැති ධුරයට පත්වූයේ ජයග්‍රහණය කිරීමෙන් නොවන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

අද දවසේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් වෙලා තිබෙන වෙලාවේ අපි සියලු දෙනා අපේ සෑම විවාදයකදීම මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය තමයි අපි මේ සියලු විවාද කරන්නේ බංකොලොත් වූ රටක වැය ශීර්ෂ සාකච්ඡා කරන අවස්ථාවකයි.

තාම අපේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් බවෙන් මිදිලා නැහැ. එවැනි අවස්ථාවක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ අමාත්‍යාංශයට බොහොම අමාරුවෙන් ශක්තිමත් නායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ වගේම ජානක වක්කුඹුර ඇමැතිතුමත්, ඒ වගේම අශෝක ප්‍රියන්ත ඇමැතිතුමත්, මේ අමාරු අවස්ථාවේ මේ අමාත්‍යාංශයට ශක්තිමත් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරනවා දෙසැම්බර් මාසයේ දී මේ රට බංකොලොත්භාවයෙන් ගලවගන්න. විශේෂයෙන් මේ අමාත්‍යාංශයේ වර්තමාන ලේකම් රංජිත් අසෝක මැතිතුමා රාජ්‍ය සේවයේ ලැයිස්තුවේ ඉන්න ඉහළම නිලධාරියෙක්. එතුමා ඇතුළුව දිසාපතිවරුන් 25දෙනා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ සියලුම අපේ රාජ්‍ය නිලධාරින් ඉතාම අමාරුවෙන් පසුගිය අවුරුදු 3 මේ රට අරගෙන ගියා. ඇත්ත වශයෙන් ඒ ගැන ලේකම්තුමා, දිසාපතිවරු 25 දෙනා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින්ට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ස්තූති කරන්න තිබෙනවා. ඉතාම අමාරුම අවස්ථාවකයි ඔවුන් පරිපාලනය හසුරුවගෙන ගියේ.

වර්තමානයේත් ඉතාම අමාරු තැනකයි මේ අමාත්‍යාංශය තිබෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අවශ්‍ය කරන භාණ්ඩ, ලිපි ද්‍රව්‍ය, සම්පත් සියල්ලම නැතුව අමාරුවෙන් තමයි කරගෙන යන්නෙ. විදුලි සෝපාන නම් අලුත්වැඩියා කරලා නැහැ. වායුසමීකරණ අලුත්වැඩියා කරලා නැහැ. විශාල කඩාවැටීමක තිබෙන අවස්ථාවක්. මේ කඩාවැටීම තිබෙන අවස්ථාවේ තමයි මේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපේ අගමැතිතුමාගේ නායකත්වය යටතේ අපේ ඇමැතිතුමාලා දෙන්නා බොහොම අමාරුවෙන් මේක කරගෙන යන්නෙ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT