Home » බිරිය පුටුවක ගැටගසා ගිනි තබා මරන්න හැදූ සැමියා රිමාන්ඩ්

බිරිය පුටුවක ගැටගසා ගිනි තබා මරන්න හැදූ සැමියා රිමාන්ඩ්

මස්සිනා මරපු නඩුවේදී නැන්දම්මාට සාක්ෂි නොදෙන ලෙස තර්ජනය කරලා

by mahesh
November 29, 2023 1:00 am 0 comment

අහුන්ගල්ල සමූහ - අනුර යසමිත් බළපිටිය සමූහ - ප්‍රියශාන්ත ද සිල්වා

මස්සිනා මරපු නඩුවෙදී නැන්දම්මාට සාක්ෂි නොදෙන ලෙස තර්ජනය කරමින් සිය බිරිය පුටුවක ගැට ගසා ගිනි තබා මරා දැමීමට තැත් කළ බව කියන අයකු දෙසැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බළපිටිය මහේස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අම්බලන්ගොඩ රන්දොඹේ යන ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටින දිනුෂ නුවන් කොඩිතුවක්කු නමැති අයෙකි. බිරියගේ සොහොයුරා වන මස්සිනාට පිහියකින් ඇන ඝාතනය කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරු මොහු වන අතර එම නඩුව බළපිටිය අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන සාක්ෂිකාරිය නැන්දම්මාට සාක්ෂි නොදෙන ලෙස තර්ජනය කිරීමේ වරදට මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව ඇප මත නිදහස් වී පැමිණි අයකු බව පොලිසිය පවසයි.

නැන්දම්මා සාක්ෂි දුන්නොත් මරා දමන බව කියමින් බිරිය කාමරයක දමා පුටුවක ගැට ගසා කොට්ට මෙට්ට ඇඳි ඇතිරිලි ආදිය ඇඟට දමා ගිනි තැබීමට සූදානම් වන අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව අධිකරණය හමුවේ පොලිසිය පවසා ඇත.

වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ බිරිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් සිරිලාල් (16915) මහතා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නඩුව මෙහෙයවිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT