Home » බියගම රොටරි සමාජයෙන් සිසුන් 2කට පාපැදි

බියගම රොටරි සමාජයෙන් සිසුන් 2කට පාපැදි

by mahesh
November 29, 2023 1:00 am 0 comment

මල්වාන සමුහ - මහානාම විතානගේ

බියගම රොටරි සමාජයේ 23 වන සංවත්සර උළෙල පසුගියදා (24) පස්වරුවේ මල්වානේ වල්ගම සමෘද්ධි මාවතේ පිහිටි පී . ටී ගාර්ඩන්ස් පරිශ්‍රයේ දී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා වුයේ ශ්‍රී ලංකා රොටරි අධිපති ජෙරම් රාජේන්ද්‍රන් මහතාය. මේ උළෙලේ දී පාසල් යන සිසු දරුවන් දෙදෙනකුට සිය පාසල වෙත යාම සඳහා පාපැදි දෙකක් ප්‍රදානය කළ අතර එම පාපැදි දෙක කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සත්සරණි පෙරේරා සිසුවියට හා කැලණිය ශාන්ත ප්‍රැන්සිස් මහා විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ජනිත් කෞෂිත සිසුවාට හිමිවිය. මෙහිදි ඉදිරි වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් ද තෝරා පත් කර ගත් අතර එය තරගයක් නොමැතිව පත් විය. එහිදී නව නිලධාරී මණ්ඩලය ලෙස දීපාල් සේනානායක සභාපති ලෙසත්, රෝහිත මුල්ලේගම ලේකම් ලෙස, බිෂිර් හාෆි භාණ්ඩාගාරික ලෙසත් සහ මීට අමතරව පස් දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයක් ද පත් කර ගනු ලැබුහ.

එහිදී රොටරි අධිපති ජෙරම් රාජේන්ද්‍ර මහතා විසින් බියගම රොටරි සමාජයේ සභාපති දීපාල් සේනානායක මහතාට නිල පත්වීම භාර දීමෙන් පසුව පාසල් සිසු දරුවන් දෙදෙනාට පාපැදි ප්‍රදානය කළ අයුරුයි මේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT