Home » නඩුවකට පැමිණි තරුණිය මුහුදේ පැනලා

නඩුවකට පැමිණි තරුණිය මුහුදේ පැනලා

by mahesh
November 29, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

පානදුර අධිකරණයේ නඩුවකට පෙනීසිටීම සඳහා සිය මව සමඟ ඊයේ (28) පානදුරට පැමිණ සිටි 16 හැවිරිදි තරුණියක මුහුදට පැන දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී ඇයගේ දිවි ගලවා ගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

කඳාන පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකගේ ජීවිතය මෙලෙස බේරාගත් බව පොලිසිය කීය.

මුහුදට පැන ඇති තරුණිය පානදුර අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ ඇති බවත්, ඉන්පසු මව සමඟ පානදුර වෙරළට පැමිණ සිටියදී මෙසේ මුහුදට පැන ඇති බවත් සඳහන් වේ.

දැරිය මුහුදට පනින අයුරු සහ මවගේ විලාප හඬ නිරීක්ෂණය කළ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. නිමල්සිරි මහතා සහ ජීවිත ආරක්ෂක නිලධාරියෙක් වහා ක්‍රියාත්මක වී දැරිය බේරාගෙන තිබේ.

දැරිය ගොඩගෙන පානදුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කර ඇති බව පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT