Sunday, May 11, 2025
Home » බොල්ගොඩ ගඟේ ගිලී තරුණයෙක් මියයයි

බොල්ගොඩ ගඟේ ගිලී තරුණයෙක් මියයයි

by mahesh
November 29, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම- බිමල් ජයසිංහ

බොල්ගොඩ ගඟේ ඌරකඩුව තොටුපළේ විනෝදයට දිය නාමින් සිටි තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අලුබෝමුල්ල එස්. මහින්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි චලන චාමින්ද ප්‍රනාන්දු නමැති 19 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා මිතුරන් සිවු දෙනෙකු සමඟ ඌරකඩුව තොටුපොළේ විනෝදයට දිය නෑම සඳහා පෙරේදා (27) සවස පැමිණ මඳ වේලාවක් දිය මත විනෝද වී ඇති අතර, එක් තරුණයකුගේ මව පැමිණ ගොඩට පැමිණෙන ලෙස හඬගසා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ සමඟම එම තරුණයා සහ මියගිය තරුණයා තව වටයක් ගිහින් එන්නම් යැයි පවසා ගඟ මැදට වන්නට හරස් අතට දමා තිබෙන උණ බටය අසලට දුරක් පිහිනා ගොස් නැවත එන ගමනේදී මෙම තරුණයා එක්වරම දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.

ඒ සමඟම ඔහු මාව බේරා ගන්න යැයි එක් වරක් පමණක් කෑ ගසා ඇති අතර සෙසු තරුණයන් අසල නි‍ෙවසකට දිව ගොස් කඹයක් සහ පොල්ලක් රැගෙන විත් දියට විසි කර ඇතත් ඔහුට එය අල්ලා ගැනීමට නොහැකි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT